ශ්‍රී ලංකාවේ මහාමාර්ග ප්‍රධාන වශයෙන් වර්ග 3 කට බෙදෙනවා.
ඒ,
A ශ්‍රේණියේ මහාමාර්ග (113 ක්)
B ශ්‍රේණියේ මහාමාර්ග (654 ක්)
E ශ්‍රේණියේ මහාමාර්ග/අධිවේගී මාර්ග (5 ක්)
ලෙසයි.
මින් A ශ්‍රේණියේ මහාමාර්ග නැවත කොටස් තුනකට බෙදෙනවා.
ඒ,
AA ශ්‍රේණියේ මහාමාර්ග (36 ක්)
AB ශ්‍රේණියේ මහාමාර්ග (45 ක්)
AC ශ්‍රේණියේ මහාමාර්ග (32 ක්)
ලෙසයි.
මින් AA ශ්‍රේණියේ මහාමාර්ග තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී “A ශ්‍රේණියේ මාර්ග” ලෙස හඳුනාගන්නේ.
AA ශ්‍රේණියේ මහාමාර්ග 36 ක් ශ්‍රී ලංකාවේ තියෙනවා.
එය AA000 සිට AA035 දක්වා අංකනය කෙරෙනවා.
මෙහි මුළු දුර කිලෝමීටර් 3720.31 ක් වෙනවා.
ලංකාවේ කෙටිම AA ශ්‍රේණියේ මහාමාර්ගය වන්නේ කොල්ලුපිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දිවෙන AA000 මහාමාර්ගයයි.
එහි දුර කිලෝමීටර් 7.12 ක්.
ලංකාවේ දිගම AA ශ්‍රේණියේ මහාමාර්ගය වන්නේ කොළඹ කොටුව සිට රත්නපුර සහ වැල්ලවාය හරහා මඩකලපුව දක්වා දිවෙන AA004 මහාමාර්ගයයි.
එහි දුර කිලෝමීටර් 430.57 ක්.
Leave a Reply