Sri Lanka

  • ශ්‍රී ලංකාවේ AA මහාමාර්ග

    .

    ශ්‍රී ලංකාවේ මහාමාර්ග ප්‍රධාන වශයෙන් වර්ග 3 කට බෙදෙනවා. ඒ,A ශ්‍රේණියේ මහාමාර්ග (113 ක්)B ශ්‍රේණියේ මහාමාර්ග (654 ක්)E ශ්‍රේණියේ මහාමාර්ග/අධිවේගී මාර්ග (5 ක්)ලෙසයි. මින් A ශ්‍රේණියේ මහාමාර්ග නැවත කොටස් තුනකට බෙදෙනවා. ඒ,AA ශ්‍රේණියේ මහාමාර්ග (36 ක්)AB ශ්‍රේණියේ මහාමාර්ග (45 ක්)AC ශ්‍රේණියේ මහාමාර්ග (32 ක්)ලෙසයි. මින් AA ශ්‍රේණියේ මහාමාර්ග තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී “A ශ්‍රේණියේ මාර්ග” ලෙස…

  • ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග

    .

    🔅 දැනට තියෙන විස්තරාත්මකම ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සිතියම මේක වෙන්න පුළුවන්. 🔅 දැනට ක්‍රියාත්මක දුම්රිය මාර්ග සියල්ලම මෙහි අඩංගු වෙනවා. 🔅 ඒ විතරක් නෙමෙයි, ප්‍රධාන දුම්රිය ස්ථාන 146 ත්, උප දුම්රිය ස්ථාන 199 ත්, දුම්රිය නැවතුම්පොළවල් 77 ත්,ලෙස මුළු දුම්රිය ස්ථාන 422 ම මෙහි අන්තර්ගත වෙනවා. 🔅 මාසයක් තිස්සේ හදපු සිතියමක් මේ.මොනාහරි අඩුපාඩුවක් තිබ්බොත්…

  • ,

    2024 ජනාධිපතිවරණය

    .

    ඔයාලා හැමෝම බලන් ඉඳපු මගේ “2024 ජනාධිපතිවරණය” වැඩේ අද එළියට දාන්නයි මේ හදන්නේ. “2024 ජනාධිපතිවරණය” එද්දිම මට ඕනේ වුණා හැමෝටම කලින් ප්‍රතිඵල දාන එක්කෙනෙක් නොවී ඉස්සරහටත් පිළිවෙලකට ඩේටා ගන්න පුළුවන් විදියේ මම කැමති මිනිමලිස්ට් ටයිප් වැඩක් කරන්න. මුලින්ම දවස් ගාණක් අරගෙන ඇන්දා ආසන 160 ම තියෙන සිතියමක්. මොකද ඒ වෙනකන් හරි බෝඩර් තියෙන මැප් එකක්…

  • ,

    ​ශ්‍රී ලංකාවේ උසම ස්ථාන 10

    .

    [UPDATED VERSION] 1) පිදුරුතලාගල (මීටර් 2524)2) කිරිගල්පොත්ත (මීටර් 2395)3) ටොප් පාස් හිල් (මීටර් 2383)4) තොටුපොල කන්ද (මීටර් 2357)5) අග්‍ර බෝපත් (මීටර් 2320)6) රම්බොඩ හිල් (මීටර් 2310)7) ලෙපර්ඩ් රොක් (මීටර් 2263)8) ශ්‍රී පාදය (මීටර් 2243)9) කිකිළියාමන (මීටර් 2240)10) කෝර්ට්ස් ලොජ් පොයින්ට් (මීටර් 2224) ** උස මුහුදු මට්ටමේ සිටයි. ලංකාවේ උසම කඳු 10 සම්බන්ධයෙන් විවිධ ලැයිස්තු තියෙනවා….

  • ,

    කැළණි ගංගා ද්‍රෝණියේ සම්පූර්ණ සිතියම

    .

    කිලෝමීටර 145 ක් දිග කැළණි ගඟ තමයි ශ්‍රී ලංකාවේ හතර වෙනි දිගම ගඟ වෙන්නේ. කැළණි ගංගා ද්‍රෝණිය තමයි ශ්‍රී ලංකාවේ හත්වෙනි විශාලතම ගංගා ද්‍රෝණිය වෙන්නේ. එය වර්ග කිලෝමීටර 2321 ක්. ශ්‍රී පාද අඩවිය සහ හෝර්ටන් තැන්නෙන් ආරම්භ වෙන කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන්. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 25% කට අධික ජනගහණයක් කැළණි ගඟ…

  • ,

    ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මායිම්

    .

    🔅 ශ්‍රී ලංකවේ පළාත් 9 තුළ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් තියෙනවා. 🔅 මේ topological map එකේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ වෘත්තවල විශාලත්වය එම දිස්ත්‍රික්කයේ විශාලත්වයට සමානුපාතිකව නිර්මාණය කරලා තියෙනවා. 🔅 මෙහි එක් රේඛාවක් එක් දිස්ත්‍රික්ක මායිමක් නිරූපණය කරනවා. 🔅 ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක මායිම් ගණනක් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. එහි මායිම් 9 ක් තියෙනවා.​🔅 ශ්‍රී ලංකාවේ…

  • ,

    වසර 76 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල

    .

    Your Attractive Heading ⚜️ 1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි. ⚜️ මේ අවුරුදු 76 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? ⚜️ විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද? ⚜️ ලංකාවේ ජනාධිපතිවරුන්…

  • ,

    නෑයන් වුණු ජනාධිපතිවරු සහ අගමැතිවරු

    .

    🔅 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනෙක් සහ අගමැතිවරුන් 15 දෙනෙක් පත් වෙලා තියෙනවා. 🔅 ඔවුන්ගෙන් ජනාධිපතිවරුන් 6 දෙනෙක් සහ අගමැතිවරුන් 11 දෙනෙක් එකිනෙකාට ළඟින් සහ දුරින් නෑයෝ වෙනවා. 🔅 එම නෑදෑකම් සියල්ලම ඒ ඒ පවුල්වල විවිධ පරම්පරාවල සිදු වූ විවාහවලින් ඇති වී තිබෙනවා. 🔅 වසර 52 මාස 3 ක ජනාධිපති ඉතිහාසයේ වසර 46 මාස 5…

  • ,

    ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස 22 සහ මැතිවරණ ආසන 160

    .

    🔅 ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස 22 ක් තියෙනවා. 🔅 ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 20 ක් “මැතිවරණ කොට්ඨාස” වශයෙන් සැලකුණත්, යාපනය සහ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක දෙක “යාපනය මැතිවරණ කොට්ඨාසය” ලෙසත්, මන්නාරම, මුලතිව් සහ වව්නියාව පරිපාලන දිස්ත්‍රික්ක තුන “වන්නි මැතිවරණ කොට්ඨාසය” ලෙසත්,හඳුනාගන්න පුළුවන්. 🔅 මේ මැතිවරණ කොට්ඨාස 22 තුළ මැතිවරණ බල ප්‍රදේශ (මැතිවරණ ආසන) 160 ක් ඇතුළත්…

  • ,

    ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103

    .

    ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් තියෙනවා. මෙම ගංගා ද්‍රෝණි 103 ශ්‍රී ලංකාවේ භූමියෙන් 90% ක් පුරා පවතිනවා. ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුදු තීරයන්වල පිහිටි ජල විද්‍යාත්මක අතින් නොවැදගත් අවශේෂ බිම් ඉතිරි 10% ට අයත් වෙනවා.  ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා ද්‍රෝණිය වන මහවැලි ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 10,327 ක් පුරා විහිදී…