​ශ්‍රී ලංකාවේ උසම ස්ථාන 10

Vikum Harshana Avatar

[UPDATED VERSION]

1) පිදුරුතලාගල (මීටර් 2524)
2) කිරිගල්පොත්ත (මීටර් 2395)
3) ටොප් පාස් හිල් (මීටර් 2383)
4) තොටුපොල කන්ද (මීටර් 2357)
5) අග්‍ර බෝපත් (මීටර් 2320)
6) රම්බොඩ හිල් (මීටර් 2310)
7) ලෙපර්ඩ් රොක් (මීටර් 2263)
8) ශ්‍රී පාදය (මීටර් 2243)
9) කිකිළියාමන (මීටර් 2240)
10) කෝර්ට්ස් ලොජ් පොයින්ට් (මීටර් 2224)

** උස මුහුදු මට්ටමේ සිටයි.

ලංකාවේ උසම කඳු 10 සම්බන්ධයෙන් විවිධ ලැයිස්තු තියෙනවා.

ඒ ගොඩක් මූලාශ්‍ර හරිහැටි යාවත්කාලීන වුණු ඒවා නෙමෙයි.

අනිත් එක “කන්ද” නිර්වචනය වෙන්නේ “topographic prominence” එක අඩි 1000 (මීටර් 304) ට වඩා වැඩි වීමයි.

“topographic prominence” කියන්නේ කන්දේ බේස් එකේ ඉඳන් තියෙන උසට.

ඉතින් අපි හිතන් ඉන්න සමහර කඳු නිවැරදි මිනුම් අනුව කඳු නොවෙන්න පුළුවන්.

ඒ නිසාමයි මම මේ ලැයිස්තුව “උසම කඳු 10” නැතිව “උසම ස්ථාන 10” ලෙස නම් කළේ.

ඔබ දන්නවාද???

මුහුදු මට්ටමේ සිට බැලුවොත් ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල (මීටර් 2524) වුණාට,
කන්දේ බේස් එකේ ඉඳන් තියෙන උස බැලුවොත් ලංකාවේ උසම කන්ද වෙන්නේ ශ්‍රී පාදයයි (මීටර් 1083)

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *