කිලෝමීටර 145 ක් දිග කැළණි ගඟ තමයි ශ්‍රී ලංකාවේ හතර වෙනි දිගම ගඟ වෙන්නේ.
කැළණි ගංගා ද්‍රෝණිය තමයි ශ්‍රී ලංකාවේ හත්වෙනි විශාලතම ගංගා ද්‍රෝණිය වෙන්නේ. එය වර්ග කිලෝමීටර 2321 ක්.
ශ්‍රී පාද අඩවිය සහ හෝර්ටන් තැන්නෙන් ආරම්භ වෙන කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන්.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 25% කට අධික ජනගහණයක් කැළණි ගඟ ආශ්‍රිතව ජීවත් වෙනවා.
පළාත් 3 ක, දිස්ත්‍රික්ක 7 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 37 ක ප්‍රදේශයක් කැලණි ගඟෙන් පෝෂණය වෙනවා.
කැළණි ගංගා ද්‍රෝණිය උප ගංගා ද්‍රෝණි 20 කට වෙන් වෙනවා.
කොලොන්නාව ඇළ
පල්ලේවෙල ඔය/මහ ඇළ
පුස්වැලි ඔය
වක් ඔය/කළටුවාව
ගැටහැත්ත ඔය
අම්බලන්පිටිය ඔය
සීතාවක ගඟ
පනාකුර ඔය
මාගල් ගඟ
මස්කෙළිය ඔය
කෙහෙල්ගමු ගඟ/කාසල්රී
ඉහල කැළණි ගඟ
ඉහල මධ්‍යම කැළණි ගඟ
පහල මධ්‍යම කැළණි ගඟ
පහල කැළණි ගඟ
වැලිහෙල් ඔය
රිටිගහ ඔය
ගුරුගොඩ ඔය
පූගොඩ ඔය
බියගම
ජල විදුලි උත්පාදනයට විශාල මෙහෙයක් කරන ජලාශ සහ තවත් සුවිශේෂී ජලාශ කීපයක් කැළණි ගඟ හා සම්බන්ධව පවතිනවා.
ලබුගම ජලාශය
කලටුවාව ජලාශය
මාඋස්සාකැලේ ජලාශය
කැන්යොන් ජලාශය
ලක්ෂපාන ජලාශය
කාසල්රී ජලාශය
නෝර්ටන්බ්‍රිජ් ජලාශය
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දිය ඇලි ගණනාවක් කැළණි ගඟ ආශ්‍රිතව පවතිනවා. ඒ අතර,
ඇබර්ඩීන් දියඇල්ල
ලක්ෂපාන දියඇල්ල
ගාට්මෝර් දියඇල්ල
ඕලු ඇල්ල
මොරේ ඇල්ල
රන්මුදු ඇල්ල
දඹෝර ඇල්ල
රක්කනාව දියඇල්ල
විශේෂිතයි.

Leave a Reply